ආයිබෝං..........අද මේ ඇත්තෝ දොඩන්න හදන්නේ අපේ සනුහරේටම කෙළවුන දෙයක් ගැන....
අපි ජීවිකාව ගැටගහගෙන යන ගම් පොජ්ජේ 3g සිග්නල් අඩුපාඩු කම් නිසා ඔය අනිත් ඇත්තෝ මන්ද කොරන කනෙක්සන් පොජ්ජවල් අපිට බාවිත කොරන්ඩ බෑ නෙව.....ඒ නිසා මම අම්මිල ඇත්තන්ගෙන්(අම්මගෙන්)රුපියල් 1500 කුත් මන්ද කොරාගෙන සිදාදියේ අනාගතේ අද ගොඩනැගිල්ලට මංගැච්චුවා........අන්ලිමිටඩ් කනෙක්සන් පොජ්ජක් ගන්න හිතාගෙන.......එතැන හිටපු නෑනි(නෝනා)පුරසාරම් දොඩලා ඉවර උනාම මං ඉතිං මම ආපු කාරනාව ඒ ඇත්තිට දෙඩුවා........ඊට පස්සේ ඒ ඇත්තී රුපියල් 690 කට අන්ලිමිටොඩ් පැකේජ් පොජ්ජක් තියෙනවා කියලා දෙඩුවා.......ඒක ඇහුවා විතරයි මේ ඇත්තගේ හදුංපොතේ මල් පිපෙන්න පටං ගත්තා......ඇයි යකඩෝ වෙන මොන යකාද 690 කට අන්ලිමිටඩ් දෙන්නේ.......ඕං ඉතිං හැදුනුම්පත් පොජ්ජ එහෙම දීලා අත්සං කාරිය කොරලා ගත්ත නෙව අන්ලිමිටඩ් ඉන්ටනෙට්................ඊට පස්සේ මේ යෝදි ගත් තටටම කියපි......''සෑර් මේ පැකේජ් එක 690 කියලා තිබුනට මේකට 740ක් ගෙවන්න ඕනේ'' කියලා....ඒත් කමක් නෑ අන්ලිමිටඩ්නෙ කියලා මේ ඇත්තෝ කැළෑ පෝජ්ජට මංගච්චන්න නැගිටින්න හදනකොටම මේ ඇත්තී 3GB පැන්නහම ස්ප්රීඩ් එක ටිකක් අඩු කරනවා කියපි..........කාරියක් නෑ නෝනෙ..........මං මේ ඩවුංලෝඩ් කාරියට එහෙම නෙවෙයි....බිලොග් කාරිය එහෙම මන්ද කොරන්න තමයි මේක ගත්තේ කියලා පිටවෙලා අයෙත් ගං පොජ්ජට මංගැච්චුවා......අම්මිල ඇත්තෝ දීපු 1500 අහවරයි........ඩිපොසිට් 1000යි සිම් එකට 500 යි...............ජොංගල් පොජ්ජ එහෙම ගහල මේ ඇත්තෝ කාරිය පටං ගත්තා......වේගේ අඩුවෙන්නේ 3ජීබී පැන්නාමනේ කියලා දැම්මා හොඳ ලොකු සයිස් වලින් ෆිල්ම් 3ක්ම ඩවුන්ලෝඩ් වෙන්න.....පැය 4ක් විතර යනකොට තුනම යස අපූරුවට බෑවුනා.........ස්පීඩ්නම් සුපිරි කියල හිතාගෙන ආසාවටත් එක්ක ගියා මුළු දවසම ඉන්ටනෙට්.....පහුවදා තමයි අර ඇත්තිලාගේ සනුහරේම මතක් කොරන්න හිතුනේ..........ආවා මැසේජ් එකක් උඹේ 3ජීබී පැන්නා....අපි දැන් මේකේ වේගේ අඩුකරන්න හදන්නේ කියලා.......අඩුකරා තමයි......බිලොග් තියා ඉමේජ් එකක්වත් ලෝඩ්වෙන්නෑ........ඉතිං මක්කොරන්නැයි......මුලු මාසෙම ඔය විදිහට වැඩේ කරගෙන ගියා.........හරියටම මාසේ සම්පූර්ණ වෙලා දවස් 4කින් බිල් පෝජ්ජ ලියුම් මාමා අතේ එවල තිබ්බා......අප්පිල ඇත්තන්ගෙන්(තාත්තාගේන්) 740ක් මන්ද කොරාගන්න යන අතරේ නිකමට වගේ බිල් පොජ්ජ දිගෑරලා බැලුවා........මයෙ අප්පේ හදුංපොත හෝස් ගාලා ගියා..............අරකී කිවුවේ 740යි......මේං මේකේ රුපියල් 1480ක් වෙච්චී.......මුන කිරි ගොජ්ජක්(පොල්ගෙඩියක්)විතර කොරගෙන ගියා ආයෙත් අනාගතේ අද ගොඩනැල්ලට.........ගිහින් දෙඩුවා මේ අවනඩුව ගැන..........හිතක් පපුවක් නැතුව එතන හටපු හූරා(මහත්තයා)දොඩපි පළවෙනි බිල් එක මෙහෙම කමයි කියලා.......අනෙ අප්පේ ඉතිං කාට කියන්නද මේ අවනඩුව.....ගමේ පණ්ඩකාරි හූරට(ග්රාමසේවකට)දොඩල වැඩකුත් නෑ........මක්කොරන්නද.....ගෙදර ගොහිං සිම් පොජ්ජ විකාදානවා(කාලා දානවා)කියලා හිතාගෙන පයින්ම ගෙදරය මංගැච්චුවා.....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment