සුභ දවසක් වේවා යාළුවනේ......මමත් යුරේකා කියාගෙන පාරේ දුවන්න තරම් සතුටක් දැනෙන සොයා ගැනීමක් කළා........හොයා ගත්ත දේ තනියම භුක්ති විඳින එක හොඳ නැති නිසා මගේ අප්‍රසිද්ධ බිලොග් එකට අහම්බෙන් එන යාළුවන්ට දැනගන්න මගේ සොයා ගැනීම මෙහෙම පලකරන්න හිතුනා......විස්වාසයෙන් කියන්න පුළුවන් මේක පළවෙනි වතාවට අන්තර්ජාලයට එක්කරන්නේ මම කියලා......මොකද කියනවනම් මේ පොස්ට් එක දාන්න කළින් මම ගූගල් දෙයියන්ගෙන් අහලා බැලුවා මේ ගැන මට කලින් කවුරු හරි කියලා තියෙනවද කියලා......ගූගල් නම් කිවුවේ නෑ කියලා...ඒ නිසා මම මේක දාන්න තීරනය කරා..............
මෙහෙමයි කාරනේ.........මම පාවිච්චි කරන්නේ Canon ip2772 වර්ගයේ කලර් ප්‍රින්ටරයක්.............මොකද කියනවනම් මට ලේසර් ප්‍රින්ටර් ගන්න තරම් වත්කමක් නැ.......ඒ නිසා ඉතිං වෙළඳපළේ මිල අඩුවටම තිබුනෙ මේ ප්‍රින්ටරය නිසා මිලදී ගත්තා...........
ඔය උඩින් තියෙන්නේ අදාල භාණ්ඩේ තමයි....පහසුයි ලේසියි හුරුබුහුටියි....................මම ගත්තේ රුපියල් 4700/= කට.....දැන් ඊටත් වඩා අඩු ඇති.........පොඩි පරහකට තියෙන්නේ කාට්රිජ් දෙකම අළුතෙන් දාන්න නම් ප්‍රින්ටරේ ගන්න යන ගානම වගේ යනවා................මට ගොඩක්ම ඔනේ කරන්නේ කලර් ප්‍රින්ට් ගන්න නෙවෙයි.........මම වැඩිපුරම කළු සුදු පිටපත් තමයි ගන්නේ.........ඒ නිසා බ්ලැක් කාට්රිජ් එක ඉක්මනින් ඉවර වුනා........රීෆිල් කරන්න ඇහුවාම රුපියල් 300ක් ඕනෙ කිවුවා.....මොක මඟුලක්ද යකෝ....එපා වෙනවනේ.........රුපියල් 300ක් දීලා රිෆිල් කරලා කොපි 200ක් විතර ගහනකොට කාට්රිජ් එක ඉවරයි......හැබැයි ඉතිං ලාභෙ රුපියල් 350 ක් විතර තියෙනවා..........ලොකුම හේතුව ඒක නෙවෙයි......දවස් 10කට සැරයක් විතර මගේ ප්‍රින්ටරේ බ්ලැක් කාට්රිජ් එක ඉවර වෙනවා......ඒක රීෆිල් කරන්න කිලෝමීටර් 12ක් විතර පුට් සයිකලේ පදිනවා........මොන මඟුලක්ද කියලා ගත්තා රුපියල් 1500ක්ම දීලා රීෆිල් කිට් එකක්................මෙකෙන් ඉතිං මාස තුනක් විතර වැඩේ රවුම් කර ගත්තා..........වාසනාව කියන්නේ කොච්චර රීෆිල් කලත් තාම කාට්රිජ් එක එළකිරි වගේ වැඩ.........පස්සේ මට හිතුනා පොඩි පරීක්ෂණයක් කරන්න.........ප්‍රින්ටරේ අරන් මාස 6 ක් විතර පිටින් රීෆිල් කළා..........තව මාස 6 ක් විතර රීෆිල් කිටි අරගෙන ගෙදරින්ම රීෆිල් කළා............පස්සේ ඉරිදා දවසක කාට්රිජ් එක ඉවර වුනා.....මඟුලයි....රීෆිල් කිට් එකත් ඉවරයි......ඉරිදා නිසා කඩත් වහලා.....හදිස්සි ප්‍රින්ට් අවුට් 200 ක් විතර තියෙනවා සඳුද වෙනකොට ඉවර කරන්න.......මල කරුමයක් තමයි වෙන්න යන්නේ කියලා කල්පනා කර කර ඉන්නකොට අහම්බෙන් වගේ දැක්කා තාත්තගේ පරණ සියල් පෑන පුරවන තීන්ත කූඩුව......සියල් කියන්නේ පෑනේ බ්‍රෑන්ඩ් එක හොඳෙ...........පොඩි පරීක්ෂාවක් දාලා බැලුවා.....තීන්ත වර්ග දෙකේම ඝණත්ව එක සමානව වගේ තියෙනවා.....ඕන දෙයක් වෙච්චාවේ කියලා වෙනද රීෆිල් කරන විධියටම හීරෝ පෑන් තීන්ත වලින් රීෆිල් කරලා බැලුවා.............කිරි අප්පට බල්ලෝ පැනපි කිවුවලු...............මෙන්න වෙනදා වගේම කස කස ගාලා වදිනවා ප්‍රින්ට් අවුට්.............ගුණාත්මක බවෙත් කිසි අඩුවක් නෑ.....
ඔය උඩින් තියෙන්නේ දැන් ටිකකට කලින් ගත්ත ප්‍රින්ට් එකක්.......පින්තූරේ උඩ ක්ල්ක් කරලා ලොකු කරලම බලන්නකෝ...............දැන් සමහර උදවිය කියයි මේ ක්‍රමේ ප්‍රින්ටරේට හොඳනෑ.....කාට්රිජ් එකට හොඳනෑ කියලා........ඒත් ඉතිං මට කියන්න තියෙන්නේ දැන් මාස හය හතක් තිස්සේ මම ප්‍රින්ට් ගන්නෙ මේ ක්‍රමයට කියන එක විතරයි...............මගේ යාළුවෝ කීපදෙනෙක්ගේ ප්‍රින්ටර් වලටත් මේක කරලා බැළුවා.......එළ කිරි වගේ වැඩ..............හැබැයි ඉතිං Standard quality එකෙන් නම් ප්‍රින්ට් ගන්න කොට පොඩි පොඩි අවුල් එනවා........කොහොමත් කාට්රිජ් එකක් දෙපාරක් විතර රීෆිල් කලාම Standard quality එකෙන් ප්‍රින්ට් ගන්න බෑ....High quality දාන්නම වෙනවා.............වගකිමෙන් කියනවා හීරෝ තීන්ත වලින් හරි ආකාරයට රීෆිල් කලොත් ඔරිජිනල් තීන්ත වලින් ගන්න ප්‍රින්ට් එකක් වගේම ගුණාත්මක භාවයෙන් යුතු ප්‍රින්ට් එකක් ගන්න පුළුවන් කියලා...............හීරෝ තීන්ත බෝතලයක් කඩේ රුපියල් 55 ක් වගේ ගානකට ගන්න පුළුවන්.........මේ එක බෝතලයකින් දහ පාරක් විතර රීෆිල් කරන්න පුළුවන්............shop එකක් කරන කෙනෙකුට නම් පට්ටම චාන්ස් එක............ලේසර් ප්‍රින්ටරයකට වඩා ලාභයි...............
තව දෙයක් තියෙනවා......මේ වැඩේ Canon ip series ප්‍රින්ටර් වලට විතරයි තාම කරලා බැලුවේ....ඒවලට නම් ප්‍රශ්නයක් නෑ.......වෙන ප්‍රින්ටර් වලට නොකර ඉන්නවනම් තමයි හොඳ.......
එහෙනම් ගිහින් එන්නම්...........
බුදුසරණයි!!!!!!
patta wade
ReplyDeletebohoma sthuthi sahodaraya.......
ReplyDeleteනියමයි නියමෙට නියමයි.......... මමත් පට්ට කට්ටක් කන්නේ මේ රී ෆිල් වැඩේ නිසා
ReplyDeleteමේ සොයාගැනීම නම් පට්ටම වැඩක් සහෝදරයා .......උබට බුදු සරණයි...........
වැඩේ හරිගියා සහෝදරයා. තීන්ත කුප්පියක් ගෙනල්ලා පිරෙව්වා කස කස ගලා ප්‍රින්ට් වෙනවා.
ReplyDeleteතවත් අලුත් සොයා ගැනීම් කලොත් මටත් කියන්න.
තිලංක සහෝදරයා ඔබ දුන්න සහයෝගයට ගොඩක් ස්තුතියි.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteනියමයි මමත් කරා හරිගියා. කහ පාටටත් ගැලපෙන තින්ත එකක් තියෙනවනම් කියනවද
ReplyDeleteMeka tama wedada?
ReplyDelete