යාළුවනේ මේ කථාව ලියන්නෙ අපෙ යළුවෝ සෙට් එකට වෙච්ච සිදුවීමක් පදනම් කරගෙන.මේ කියන්නෙ සුරංගනා කථාවක් එහෙම් නෙවෙයි.මේක සත්‍ය ඇත්ත කථාවක්.මේ අපිට වෙච්ච සිදුවීම් වලින් එකක් පමනයි.තව තව දෙවල් ඉස්සරහට කියනවා.
හරි එහෙනම් දැන් කථා නැතුව කථාව කියන්න පටන් ගන්නම්...................මෙහෙමයි සිද්ධිය,ඔන්න එක දවසක් අපේ යාළුවෝ සෙට් එක ඉස්කෝලෙ ගිහින් නැවත බොඩිම බලා පිටත් උනා.ඔය එන ගමන් මට ලාවට වගේ ඇහුනා මුන් ටික මොකක්ද තැඹිලි සීන් එකක් ගැන කතා වෙනවා.මම ඉතින් වැඩිය ගනන් ගත්තේ නෑ.මම හිතා ගත්තා මුන් ඔයා පාරේ එනකොට දැකපු මොකක් හරි ගැන වෙන්නැති කතා වෙන්නේ කියලා.ඔහොම ඉතින් අපි බෝඩිමට අවා.අපි වෙනදා සේම ඇවිත් කාලා බීලා එහෙම ඔන්න දැන් බොසක් කපන්න පටන් ගත්තා.එතකොට ඔය කථා අස්සෙම මම දැක්කා අපේ සමනා ඉස්ටෝරු කාමරේ පැත්තට යනවා.වෙලාව හවස 6.00 විතර ඇති.ඒකා ඒ කාමරේ මොනාදෝ පෙරලන සද්දෙකුත් ඇහුනා.මොනා හරි හොයනවා ඇති කියලා මම පාඩුවේ හිටියා.
ඔන්න දැන් ටික ටික රෑ උනා.අපි රෑටත් කාලා නිදා ගන්න සෙට් උනා.නිදා ගන්න ගියාට මොකද අපේ එවුන් හතට විතර ඇඳට ගිහින් එවුන් එක එක වැඩ ඇඳ උඩ.ඇත්තටම නිදියනකොට රෑ දහය විතර වෙනවා.මම නම් ඉතින් ඇඳට ගියා විතරයි නිඳි.අටහමාර විතර වෙනකොට මට හොඳටම නින්ද ගිහින්.මට තියෙන නිදිමතේ හැටියට ආයේ රත්තරං වහිනවා කිවුවත් නැගිටින්නෙනම්
නෑ.ඔහොම ඉතින් නිදගෙන ඉන්න අතරතුරේ මට ඇහුනා දිස් දිස් ගලා අපේ එවුන් ඇඳට වැටෙන
සද්දේ.මම හිතුවේ මොකෙක් හර් එකෙක් චූ කරන්න ගිහින් එන්න ඇති කියලා.
දැන් ඔන්න එළි උනා.අපේ බෝඩිමේ ඇන්ටී එළිය වැටුන ගමන් නැගිටපියෝ
කියලා බෙරිහන් දෙනවා.......අද කවදාවත් නැතුව අපේ කාමරේටම ඇවිත් හිමීට කතා
කළා.අපිත් ඉතින් පුදුමයක් නිසා නැගිටලා ඇයි ඇන්ටී කියල ඇහුවා
...........”පුතා බලන්නකෝ ඊයේ රෑ
එහා ගෙදර අන්කල්ගේ වත්තෙන් කවුදෝ හොරෙන් තැඹිළි කඩලනේ……….කියලා ඇන්ටී කිවුවා.මටනම් ඉතින් ගානක් නෑ..හැබැයි අපේ එවුන් ටික
මූනෙන් මූන බලා ගත්තා.මට හිතුනා දැන්නම් මොකක් හරි හෙන ගෙඩියක් පාත් වෙන්න
තමයි හදන්න් කියලා.එතකොටම ඔන්න එකෙක් කතා කරන සද්දේ ඇහුනා.බැලින්නම්
අල්ලපු ගෙදර එකා.සපත්තු කුට්ටම් දෙකකුත් අරන්ම අවිත්.අපෙන් අහුවා මේවා කාගෙද
කියලා.සම්පතයා ගත් කටටම කිවුවා අපේනම් නෙවෙයි අන්කල් කියලා.අයේ මොන කතාද අන්කල්
කාරයා සම්පතයගෙ ඔළුවේ ඉඳලා කකුල් දෙක ගාවටම බැලුවා.මාත් නිකමට වගේ ඒකගෙ දිහා
හැරිලා බලනකොට තමයි දැක්කේ මේකගේ ඔලුවේ තැඹිළි මල් වත්තක් වගේ.තැඹිළි මල්
ගොඩ.ඒ මදිවට් මෙවුන් තැඹිළි ගහ යට සපත්තුත් දාලා ඇවිත්.
දැන්නම් මටත් සීන්
එක තෙරෙන්න ගත්තා.වෙන කවුරෙත් නෙවෙයි මුන්ම තමයි තැඹිළි හොරු කියලා.ඒ වෙලාවෙ
ඉතින් මට කියන්න බෑනේ මම නම් නිදාගෙන හිටියේ කියලා.ඒ නිසා ඉතින් මාත් නිකන්ම
ඉදලා තැඹිළි හොරෙකුත් උනා. ....................... ආ තව ටිකෙන් අමතක වෙනවා.අර සමනා ඉස්ටෝරු කමරේ පෙරලලා හොයලා
තියෙන්නෙ ගස් යන්න ඉනිමගක්.
ඔන්න ඔහොමයි සිද්ධිය
උනේ