හරි මචන්ලා අද මම කියන්න් යන්නේ අපේ සිංහල ජනප්රවාදයේ එන පුංචි කතාවක්.මම මේව හොයා ගත්තේ අපේ ගෙදර පරණ පෙට්ටගමක තිබුන ආදි කාලෙ පොතක තිබිලා.
මේ පොත මට ආරන්චි
වුන හැටියට දැනට අවුරුදු 350 ක් විතර පරණ
එකක්..........., හූ රැවටුනා නේ………. මම පොඩි විහිළුවක් කළේ.
ඒත් හැබැයි මම හිතන විදියට මේක ගොඩක් පරණ එකක්.හරි හරි කොහොම
හරි කමක් නෑ මම දැන් කතාව කියන්නම්.
‘මෙන්න මෙහෙමයි
සිද්දිය’
ඉස්සර කාලේ හිටියලු
පරණ ගමක ගම්මුලාදෑනි කෙනෙක්.ගම්මුලාදෑනි කෙනෙක් කිවුවේ ග්රාම සේවක කෙනෙක්
කියලා හිතන්නකෝ..................හරි දැන් ඔය ගම්මුලාදෑනියා තමන්ගේ සේවා ප්රදේශයේ
හැම නිවසකම හවස් ජාමෙට කරක් ගහනවා.ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි තියෙන වලත්ත කම
නිසා.ඒ කියන්නේ හවසට ගියහම් බලා ගන්න පුළුවන්නෙ රෑට ස්වාමි පුරුෂයෝ
නැතුව කාන්තාවෝ විතරක් තනියම ඉන්න ගෙවල් ටික.එතකොට ගම්මුලාදෑනියට පුළුවන්නෙ
මැණිකෙට හොරෙන් ඒ කාන්තාවන්ගෙ ගෙවල් වලට රෑට රිංගන්න.මම බොරුවක් කියනව වගේ
හිතෙනවනම් අම්මගෙන් හරි තත්තගෙන් හරි ආච්චිගෙන් හරි සීයගෙන් හරි අහල බලන්නකො ඉස්සර
ගම්මුලාදෑනියෝ එහෙම නෙවෙයිද කියලා.
හරි දැන් ඔහොම ඔත්තු බලලා එහෙම දවසක් ඔය ගම්මුලාදෑනියා රෑ වෙලා එක
කන්තාවක් විතරක් ඉන්න ගෙදරකට රිංගුවා,දැන්
කාලේ වගේමයි ඉස්සර කාලෙත් ඔය වැඩේට කවුරු හරි එනකල් බලාගෙන හිටපු ගෑණු ඕන තරම්
හිටියා.මේ ගෑණිත් ඒ වගේ ගෑනියක් තමයි.ඒ ඔක්කොම හරි කියමුකෝ...........හැබැයි
අද තමයි මේකට කෙළවෙන දවස.........ඔහොම ඉතින් ගියපු වැඩේ කර කර ඉන්න අතරේ
හදිස්සියේම අර ගෑණිගෙ මිනිහා අවා..........අවිත් දොරට තට්ටු කළා.........දැන් මොකද
කරන්නේ. ................. ගෑණී ගම්මුලාදෑනියට කිවුවා ඉක්මනට ගිහින් පිළිකන්නෙ
තියෙන කොස් ගහට නගින්න කියලා.............මුන්දැත් ඉතින් ගිහින් ගහට
නැග්ගා..........ඔය තියෙන්නෙ ලස්සනට කෙළවිලා.......... ඒ දවස සෙනසුරාදාවක්........
ඒ මදිවට පුන් පෝය දවසක්......හදිස්සියේවත් ගෑනිගෙ මිනිහා හඳ දිහා බැලුවොත්
බඩු මාට්ටු..............මේකා කොස් ගහේ එල්ලිලා ඉන්නේ හරියටම හඳ
කෙලින්මයි..............
ගෑණිට ඔය සීන් එක් තෙරුනා......මොකක් හරි කරලා දැන් මිනිහා
හඳ දිහා බලන එක නවත්තන්න් එපැයි...........මේ ගෑණිගෙ තරම කියන්නේ මේකිට මේ වෙලාවෙම
කවදාවත් නැති ස්ථානෝචිත ප්රග්ඤාව පහළ වුනා...........මිනිහාට සෙනසුරදා හඳ බලන එක
අශුභයි කියලා අඟවන්න ගෑණි මෙහෙම කවියක් කිවුවා……….
.........ඉර උපන් ඉරිදා
සඳ උපන් සඳුදා
දුක් දුරු බදදා
සඳ නොබලන් සෙනසුරාදා...........
කොහොමද ගෑණුන්ගේ
මොළේ ............ඒක හැඳිමිටේ කියන අපිටයි ගහන්න ඔනේ.....................
නේ.
ඕක තමයි
ඉතින් කථාව ...අන්තිමේදී අර ගම්මුලාදෑනියා ගහෙන් බැහැලා ගෙදර
ගියා....................
මේ කාළෙත් ඔය වගේ
සීන් වෙන්නෙ නැත්තෙමත් නෑ නේ.........
No comments:
Post a Comment