Ads 468x60px

Thursday, July 18, 2013

අන්ලිමිටඩ් කළකිරීම.....(අනාගතය අදයි)....සියළුදෙනාගේ හිත සුව පිණිස!!!!!!

ආයිබෝං..........අද මේ ඇත්තෝ දොඩන්න හදන්නේ අපේ සනුහරේටම කෙළවුන දෙයක් ගැන....
                           අපි ජීවිකාව ගැටගහගෙන යන ගම් පොජ්ජේ 3g සිග්නල් අඩුපාඩු කම් නිසා ඔය අනිත් ඇත්තෝ මන්ද කොරන කනෙක්සන් පොජ්ජවල් අපිට බාවිත කොරන්ඩ බෑ නෙව.....ඒ නිසා මම අම්මිල ඇත්තන්ගෙන්(අම්මගෙන්)රුපියල් 1500 කුත් මන්ද කොරාගෙන සිදාදියේ අනාගතේ අද ගොඩනැගිල්ලට මංගැච්චුවා........අන්ලිමිටඩ් කනෙක්සන් පොජ්ජක් ගන්න හිතාගෙන.......එතැන හිටපු නෑනි(නෝනා)පුරසාරම් දොඩලා ඉවර උනාම මං ඉතිං මම ආපු කාරනාව ඒ ඇත්තිට දෙඩුවා........ඊට පස්සේ ඒ ඇත්තී රුපියල් 690 කට අන්ලිමිටොඩ් පැකේජ් පොජ්ජක් තියෙනවා කියලා දෙඩුවා.......ඒක ඇහුවා විතරයි මේ ඇත්තගේ හදුංපොතේ මල් පිපෙන්න පටං ගත්තා......ඇයි යකඩෝ වෙන මොන යකාද 690 කට අන්ලිමිටඩ් දෙන්නේ.......ඕං ඉතිං හැදුනුම්පත් පොජ්ජ එහෙම දීලා අත්සං කාරිය කොරලා ගත්ත නෙව අන්ලිමිටඩ්  ඉන්ටනෙට්................ඊට පස්සේ මේ යෝදි ගත් තටටම කියපි......''සෑර් මේ පැකේජ් එක 690 කියලා තිබුනට මේකට 740ක් ගෙවන්න ඕනේ'' කියලා....ඒත් කමක් නෑ අන්ලිමිටඩ්නෙ කියලා මේ ඇත්තෝ කැළෑ පෝජ්ජට මංගච්චන්න නැගිටින්න හදනකොටම මේ ඇත්තී 3GB පැන්නහම ස්ප්‍රීඩ් එක ටිකක් අඩු කරනවා කියපි..........කාරියක් නෑ නෝනෙ..........මං මේ ඩවුංලෝඩ් කාරියට එහෙම නෙවෙයි....බිලොග් කාරිය එහෙම මන්ද කොරන්න තමයි මේක ගත්තේ කියලා පිටවෙලා අයෙත් ගං පොජ්ජට මංගැච්චුවා......අම්මිල ඇත්තෝ දීපු 1500 අහවරයි........ඩිපොසිට් 1000යි සිම් එකට 500 යි...............ජොංගල් පොජ්ජ එහෙම ගහල මේ ඇත්තෝ කාරිය පටං ගත්තා......වේගේ අඩුවෙන්නේ 3ජීබී පැන්නාමනේ කියලා දැම්මා හොඳ ලොකු සයිස් වලින් ෆිල්ම් 3ක්ම ඩවුන්ලෝඩ් වෙන්න.....පැය 4ක් විතර යනකොට තුනම යස අපූරුවට බෑවුනා.........ස්පීඩ්නම් සුපිරි කියල හිතාගෙන ආසාවටත් එක්ක ගියා මුළු දවසම ඉන්ටනෙට්.....පහුවදා තමයි අර ඇත්තිලාගේ සනුහරේම මතක් කොරන්න හිතුනේ..........ආවා මැසේජ් එකක් උඹේ 3ජීබී පැන්නා....අපි දැන් මේකේ වේගේ අඩුකරන්න හදන්නේ කියලා.......අඩුකරා තමයි......බිලොග් තියා ඉමේජ් එකක්වත් ලෝඩ්වෙන්නෑ........ඉතිං මක්කොරන්නැයි......මුලු මාසෙම ඔය විදිහට වැඩේ කරගෙන ගියා.........හරියටම මාසේ සම්පූර්ණ වෙලා දවස් 4කින් බිල් පෝජ්ජ ලියුම් මාමා අතේ එවල තිබ්බා......අප්පිල ඇත්තන්ගෙන්(තාත්තාගේන්) 740ක් මන්ද කොරාගන්න යන අතරේ නිකමට වගේ බිල් පොජ්ජ දිගෑරලා බැලුවා........මයෙ අප්පේ හදුංපොත හෝස් ගාලා ගියා..............අරකී කිවුවේ 740යි......මේං මේකේ රුපියල් 1480ක් වෙච්චී.......මුන කිරි ගොජ්ජක්(පොල්ගෙඩියක්)විතර කොරගෙන ගියා ආයෙත් අනාගතේ අද ගොඩනැල්ලට.........ගිහින් දෙඩුවා මේ අවනඩුව ගැන..........හිතක් පපුවක් නැතුව එතන හටපු හූරා(මහත්තයා)දොඩපි පළවෙනි බිල් එක මෙහෙම කමයි කියලා.......අනෙ අප්පේ ඉතිං කාට කියන්නද මේ අවනඩුව.....ගමේ පණ්ඩකාරි හූරට(ග්‍රාමසේවකට)දොඩල වැඩකුත් නෑ........මක්කොරන්නද.....ගෙදර ගොහිං සිම් පොජ්ජ විකාදානවා(කාලා දානවා)කියලා හිතාගෙන පයින්ම ගෙදරය මංගැච්චුවා.....

Friday, June 21, 2013

කෙටි කථා එළිදැක්ම

ගොඩක් අමාරුවෙන් තමයි මේ දවස් වල බ්ලොග් එකට පෝස්ට් දාන්නේ.....ඒ මොකද කිවුවොත් මේ දවස් වල ගොඩක් කාර්ය බහුලයි......විභාගේ අත ලඟ...

ඒත් කමක් නෑ කියල මේ පෝස්ට එක දාන්න හිතුවෙ යොවුන් විය ගත කරන අපේ යාළුවන්ට ආදරය කියන්නේ මොකක්ද කියල පොඩි හරි අදහසක් ගන්න මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතුන නිසයි.....

මම දැන් මෙතන ආදරය කරන්න උපදෙස් දෙන්න යන්නේ නෑ..........                    මේ කියන්න හදන්නේ අපි වගේම තරුණ අපේ සහෝදරයෙක් එලි දක්වපු ලස්සනම ලස්සන පුංචි ආදර කෙටි කථා දෙකක් ගැනයි....මේ කෙටි කථා දෙක එලිදක්වලා දැනට දවස් 10ක් විතර වෙනවා.......මේ වෙනකොට මේ පොත් දෙක පිළිබඳව ඉතා උසස් තත්වයේ ප්‍රතිචාර ලැබිලා තියෙනවා........

කතෘ ගැන කියනවනම් ඔහු කුඩාකළ සිට ගමක හැදුනු වැඩුනු හොඳින් හැගීම් දැනීම් හඳුනන පුද්ගලයෙකි......සහෘද හදවත් අමන්දානන්දයටට පත් කීරීමේ හැකියාව කුඩා කළ සිටම රැගෙන ආ මොහු පාසල් අවදියේ සිටම නව කථා කෙටි කථා රචනා කිරීමෙහි ලා අති දක්ෂ කම් දැක්වූ අයෙකි......අද වන විට ඔහු මෙතෙක් ලැබූ අත්දැකීම් සමුදායක ප්‍රථිපලයක් ලෙස කෙටි කථා දෙකක් සහෘද හදවත් වෙත පිරිනමා ඇත......නමින් ඔහු දීප්ති ජයරත්න


කියවීමට රුචිකත්වයක් දක්වන සියළු දෙනාට පහත සඳහන් දුරකථන අංකයට අමතා මෙම පොත් නිවසටම ගෙන්වා ගත හැක





පොත් නිවසට ගෙන්වා ගැනීම සඳහා අමතන්න දීප්ති:-072 4732741


එහෙනම් යාලුවනේ ඔන්න මම ගියා......ආයෙත් ලඟදීම දවසක හන්බ වෙමු.....ඔක්කොටම බුදුසරණයි!!!!!

Tuesday, March 19, 2013

තැඹිළි හොරු


යාළුවනේ මේ කථාව ලියන්නෙ අපෙ යළුවෝ සෙට් එකට වෙච්ච සිදුවීමක් පදනම් කරගෙන.මේ කියන්නෙ සුරංගනා කථාවක් එහෙම් නෙවෙයි.මේක සත් ඇත්ත කථාවක්.මේ අපිට වෙච්ච සිදුවීම් වලින් එකක් පමනයි.තව තව දෙවල් ඉස්සරහට කියනවා.
         
                 හරි එහෙනම් දැන් කථා නැතුව කථාව කියන්න පටන් ගන්නම්...................මෙහෙමයි සිද්ධිය,ඔන්න එක දවසක් අපේ යාළුවෝ සෙට් එක ඉස්කෝලෙ ගිහින් නැවත බොඩිම බලා පිටත් උනා.ඔය එන ගමන් මට ලාවට වගේ ඇහුනා මුන් ටික මොකක්ද තැඹිලි සීන් එකක් ගැන කතා වෙනවා.මම ඉතින් වැඩිය ගනන් ගත්තේ නෑ.මම හිතා ගත්තා මුන් ඔයා පාරේ එනකොට දැකපු මොකක් හරි ගැන වෙන්නැති කතා වෙන්නේ කියලා.ඔහොම ඉතින් අපි බෝඩිමට අවා.අපි වෙනදා සේම ඇවිත් කාලා බීලා එහෙම ඔන්න දැන් බොසක් කපන්න පටන් ගත්තා.එතකොට ඔය කථා අස්සෙම මම දැක්කා අපේ සමනා ඉස්ටෝරු කාමරේ පැත්තට යනවා.වෙලාව හවස 6.00 විතර ඇති.ඒකා  කාමරේ මොනාදෝ පෙරලන සද්දෙකුත් ඇහුනා.මොනා හරි හොයනවා ඇති කියලා මම පාඩුවේ හිටියා.
                   
                     ඔන්න දැන් ටික ටික රෑ උනා.අපි රෑටත් කාලා නිදා ගන්න සෙට් උනා.නිදා ගන්න ගියාට මොකද අපේ එවුන් හතට විතර ඇඳට ගිහින් එවුන් එක එක වැඩ ඇඳ උඩ.ඇත්තටම නිදියනකොට රෑ දහය විතර වෙනවා.මම නම් ඉතින් ඇඳට ගියා විතරයි නිඳි.අටහමාර විතර වෙනකොට මට හොඳටම නින්ද ගිහින්.මට තියෙන නිදිමතේ හැටියට ආයේ රත්තරං වහිනවා කිවුවත් නැගිටින්නෙනම් නෑ.ඔහොම ඉතින් නිදගෙන ඉන්න අතරතුරේ මට ඇහුනා දිස් දිස් ගලා අපේ එවුන් ඇඳට වැටෙන සද්දේ.මම හිතුවේ මොකෙක් හර් එකෙක් චූ කරන්න ගිහින් එන්න ඇති කියලා.
                         දැන් ඔන්න එළි උනා.අපේ බෝඩිමේ ඇන්ටී එළිය වැටුන ගමන් නැගිටපියෝ කියලා බෙරිහන් දෙනවා.......අද කවදාවත් නැතුව  අපේ කාමරේටම ඇවිත් හිමීට කතා  කළා.අපිත්  ඉතින් පුදුමයක් නිසා නැගිටලා ඇයි ඇන්ටී කියල ඇහුවා ...........පුතා බලන්නකෝ ඊයේ රෑ එහා ගෙදර අන්කල්ගේ වත්තෙන් කවුදෝ හොරෙන් තැඹිළි කඩලනේ……….කියලා ඇන්ටී කිවුවා.මටනම් ඉතින් ගානක් නෑ..හැබැයි අපේ එවුන් ටික මූනෙන් මූන බලා ගත්තා.මට හිතුනා දැන්නම් මොකක් හරි හෙන ගෙඩියක් පාත්  වෙන්න තමයි  හදන්න් කියලා.එතකොටම ඔන්න එකෙක් කතා  කරන සද්දේ ඇහුනා.බැලින්නම් අල්ලපු ගෙදර  එකා.සපත්තු කුට්ටම් දෙකකුත් අරන්ම අවිත්.අපෙන් අහුවා මේවා කාගෙද කියලා.සම්පතයා ගත් කටටම කිවුවා අපේනම් නෙවෙයි අන්කල් කියලා.අයේ මොන කතාද අන්කල් කාරයා සම්පතයගෙ ඔළුවේ ඉඳලා කකුල් දෙක ගාවටම බැලුවා.මාත්  නිකමට වගේ ඒකගෙ දිහා හැරිලා බලනකොට තමයි දැක්කේ මේකගේ ඔලුවේ තැඹිළි  මල් වත්තක් වගේ.තැඹිළි මල් ගොඩ.ඒ මදිවට් මෙවුන් තැඹිළි ගහ යට සපත්තුත් දාලා ඇවිත්.
දැන්නම් මටත් සීන් එක තෙරෙන්න ගත්තා.වෙන කවුරෙත් නෙවෙයි මුන්ම තමයි  තැඹිළි හොරු කියලා.ඒ වෙලාවෙ ඉතින් මට කියන්න බෑනේ මම නම්  නිදාගෙන හිටියේ කියලා.ඒ නිසා ඉතින් මාත්  නිකන්ම ඉදලා තැඹිළි හොරෙකුත්  උනා. ....................... ආ තව ටිකෙන් අමතක වෙනවා.අර සමනා ඉස්ටෝරු කමරේ පෙරලලා හොයලා තියෙන්නෙ ගස්  යන්න ඉනිමගක්. 
                       
                                ඔන්න ඔහොමයි සිද්ධිය උනේ
                                 

ජනප්‍රවාද



හරි මචන්ලා අද මම කියන්න් යන්නේ අපේ සිංහල ජනප්‍රවාදයේ එන පුංචි කතාවක්.මම මේව හොයා ගත්තේ අපේ ගෙදර පරණ පෙට්ටගමක තිබුන ආදි කාලෙ පොතක තිබිලා.
                           
මේ පොත මට ආරන්චි වුන හැටියට දැනට අවුරුදු 350 ක් විතර පරණ එකක්..........., හූ රැවටුනා නේ………. මම පොඩි විහිළුවක් කළේ.
            ඒත් හැබැයි මම හිතන විදියට මේක ගොඩක් පරණ එකක්.හරි  හරි කොහොම හරි කමක් නෑ මම දැන් කතාව කියන්නම්.
                         
                                    ‘මෙන්න මෙහෙමයි සිද්දිය

ඉස්සර කාලේ හිටියලු පරණ ගමක ගම්මුලාදෑනි කෙනෙක්.ගම්මුලාදෑනි කෙනෙක් කිවුවේ ග්‍රාම සේවක  කෙනෙක් කියලා හිතන්නකෝ..................හරි  දැන් ඔය ගම්මුලාදෑනියා තමන්ගේ සේවා ප්‍රදේශයේ හැම නිවසකම හවස් ජාමෙට කරක් ගහනවා.ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි තියෙන වලත්ත කම නිසා.ඒ කියන්නේ හවසට  ගියහම් බලා  ගන්න පුළුවන්නෙ රෑට ස්වාමි පුරුෂයෝ නැතුව කාන්තාවෝ විතරක් තනියම ඉන්න ගෙවල් ටික.එතකොට ගම්මුලාදෑනියට පුළුවන්නෙ මැණිකෙට හොරෙන් ඒ කාන්තාවන්ගෙ  ගෙවල් වලට රෑට රිංගන්න.මම බොරුවක් කියනව වගේ හිතෙනවනම් අම්මගෙන් හරි තත්තගෙන් හරි ආච්චිගෙන් හරි සීයගෙන් හරි අහල බලන්නකො ඉස්සර ගම්මුලාදෑනියෝ එහෙම නෙවෙයිද කියලා.
                     
                               හරි දැන් ඔහොම ඔත්තු බලලා එහෙම දවසක් ඔය ගම්මුලාදෑනියා රෑ වෙලා එක කන්තාවක් විතරක් ඉන්න ගෙදරකට රිංගුවා,දැන් කාලේ වගේමයි ඉස්සර කාලෙත් ඔය වැඩේට කවුරු හරි එනකල් බලාගෙන හිටපු ගෑණු ඕන තරම් හිටියා.මේ ගෑණිත් ඒ වගේ ගෑනියක් තමයි.ඒ ඔක්කොම හරි කියමුකෝ...........හැබැයි  අද තමයි මේකට කෙළවෙන දවස.........ඔහොම ඉතින් ගියපු වැඩේ කර කර ඉන්න අතරේ හදිස්සියේම අර ගෑණිගෙ මිනිහා අවා..........අවිත් දොරට තට්ටු කළා.........දැන් මොකද කරන්නේ. ................. ගෑණී ගම්මුලාදෑනියට කිවුවා ඉක්මනට ගිහින් පිළිකන්නෙ තියෙන කොස් ගහට නගින්න කියලා.............මුන්දැත් ඉතින් ගිහින් ගහට නැග්ගා..........ඔය තියෙන්නෙ ලස්සනට කෙළවිලා.......... ඒ දවස සෙනසුරාදාවක්........ ඒ මදිවට පුන් පෝය දවසක්......හදිස්සියේවත් ගෑනිගෙ  මිනිහා හඳ දිහා බැලුවොත් බඩු මාට්ටු..............මේකා කොස් ගහේ එල්ලිලා ඉන්නේ හරියටම හඳ කෙලින්මයි..............
            ගෑණිට ඔය සීන් එක් තෙරුනා......මොකක් හරි කරලා දැන්  මිනිහා හඳ දිහා බලන එක නවත්තන්න් එපැයි...........මේ ගෑණිගෙ තරම කියන්නේ මේකිට මේ වෙලාවෙම කවදාවත් නැති ස්ථානෝචිත ප්‍රග්ඤාව පහළ වුනා...........මිනිහාට සෙනසුරදා හඳ බලන එක අශුභයි කියලා අඟවන්න ගෑණි මෙහෙම කවියක් කිවුවා……….

    .........ඉර උපන් ඉරිදා
             සඳ උපන් සඳුදා
              දුක් දුරු  බදදා
              සඳ නොබලන් සෙනසුරාදා...........  

කොහොමද ගෑණුන්ගේ මොළේ ............ඒක  හැඳිමිටේ කියන අපිටයි ගහන්න ඔනේ..................... නේ.
ඕක  තමයි  ඉතින් කථාව ...අන්තිමේදී අර ගම්මුලාදෑනියා ගහෙන් බැහැලා ගෙදර  ගියා....................


                   
මේ කාළෙත් ඔය වගේ සීන් වෙන්නෙ නැත්තෙමත් නෑ නේ......... 

Thursday, March 14, 2013

බ්ලොග් එකට ඇනිමේශන් HEADER එකක්

Logo Design by FlamingText.com

හරි යාළුවනේ මම අද කියන්න හදන්නෙ ඔයාලගේ බ්ලොග් එකට ඇනිමේශන් header එකක් දාන හැටි. නිකන් බ්ලොග් එකකට දාන්න  පුළුවන් වෙන්නේ සාමන්‍ය header එකක්නෙ.මේ ක්‍රමේට පුලුවන්  වෙනවා සින්හලෙන් අරි ඉංග්‍රීසියෙන් හරි ලස්සන නමක් ඇනිමේශන්  විදියට දාගන්න.මම තාම මේව ගැන හොයාගෙන යන ගමන්.මේක තමයි පළවෙනි එක.නෙට් එකෙ පීරලා පීරලා තමයි  මේ ක්‍රමේ හොයා ගත්තෙ.

            හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු.ඔයා දැන් ඔයාලගේ බ්ලොග් එකේ
Template > Edit HTML වලට යන්න.දැන්

<b:section class='header' id='header' maxwidgets='1' showaddelement='no'>
<b:widget id='Header1' locked='true' title='YOUR BLOG TITLE(Header)' type='Header'/>

උඩ තියෙන කෝඩ් එක තියෙන තැන හොයා ගන්න.කෝඩ් එක හොයා ගන්න Ctrl+F ඔබන්න.එතකොට serch box එකක් එනවා.එකේ ඔය text එක ටයිප් කලාම තියෙන තැන හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කෝඩ්  එක පහළ විධියට වෙනස් කරන්න.

<b:section class='header' id='header' maxwidgets='4' showaddelement='yes'>
<b:widget id='Header1' locked='true' title='YOUR BLOG TITLE(Header)' type='Header'/>

හරි දැන් එතනම තියෙන
මෙන්න මේ කෝඩ් එක මකන්න ඕනෙ.

<b:widget id='Header1' locked='true' title=ඔබේ බ්ලොගයේ නම (Header)' type='Header'/>

දැන් ඔයාලගෙ බ්ලොග් එක ඔතනින්ම preview කරල බලන්න අවුලක් නැතුව preview වෙනවද කියලා.preview  වෙනවනම් අපි දැන් ඉතිරි වැඩ ටික කරමු.
හරි දැන් ඔක ඔතනින් සේව් කරන්න. සේව් කරනකොට එන  වින්ඩෝ එකේ remove gadgect කියන එක ක්ලික් කරන්න.දැන් මුල් අදියර ඉවරයි.
එහෙනම් දැන් දෙවනි අදියරට යමු.
               දැන් ඔයාලගෙ බ්ලොග් එකේ layout menu එකට යන්න.දැන් බලන්න බ්ලොග් එකේ මතෘකාව ටයිප් කරන්න තියෙන තැනට Add gadject කියල වැටිල ඇති.එතනට HTML/Javascript gadject එකක් ඇඩ් කරන්න.

                                     දැන් ඕන වෙන්නෙ ඔතනට දාන්න අනිමේශන් එකක HTML එකක්.හරි දැන් අපිට අවශ්‍ය මාතෘකාව දාලා ඇනිමේශන් එකක් හදා ගන්න පුළුවන් මෙන්න මේ සියිට් එකට ගිහිල්ලා.
මේ සයිට් එකට ගිහින් කැමති ඇනිමේශන් එක ක්ලික් කරන්න.ඊටපස්සේ එන වින්ඩෝ එකේ ඔයලගේ බ්ලොග් එකේ නම ටයිප් කරන්න.ඔතනින් කැමති effects දාලා ඔය ඇනිමේශන් එක හදා ගන්න පුළුවන්.ඊට පස්සේ ඔයාලට ඇනිමේශන් එකේ HTML CODE එක ගන්න ගූගල් එකවුන්ට් එකේ ලොග්  වෙන්න වෙනවා.ඒකට ඔතනින්ම ලොග්  වෙන්න පුළුවන්.
දැන් HTML CODE එක අරගෙන header gadject එකට past කරලා සේවු කරන්න.දැන් බ්ලොග්  එක වීව් කරල බලන්න කොහොමද ගතිය කියලා.

වැඩේ හොඳයි කියල හිතෙනවනම් comment පාරකුත් දාලම යන්න... එහෙනම් අදට සමු ගන්නම්.Bye!!!!!!     තාම බ්ලොග් ලියන්න අළුත් නිසා අකුරු වැරදිනම් සමා වෙන්න.

 

videos

Videos

Pictures

Pictures

Music

Music