Ads 468x60px

Wednesday, February 26, 2014

*****අඩුම වියදමෙන් වැඩිම කළු සුදු ප්‍රින්ට් අවුට්*****


                                                       සුභ දවසක් වේවා යාළුවනේ......මමත් යුරේකා කියාගෙන පාරේ දුවන්න තරම් සතුටක් දැනෙන සොයා ගැනීමක් කළා........හොයා ගත්ත දේ තනියම භුක්ති විඳින එක හොඳ නැති නිසා මගේ අප්‍රසිද්ධ බිලොග් එකට අහම්බෙන් එන යාළුවන්ට දැනගන්න මගේ සොයා ගැනීම මෙහෙම පලකරන්න හිතුනා......විස්වාසයෙන් කියන්න පුළුවන් මේක පළවෙනි වතාවට අන්තර්ජාලයට එක්කරන්නේ මම කියලා......මොකද කියනවනම් මේ පොස්ට් එක දාන්න  කළින් මම ගූගල් දෙයියන්ගෙන් අහලා බැලුවා මේ ගැන මට කලින් කවුරු හරි කියලා තියෙනවද කියලා......ගූගල් නම් කිවුවේ නෑ කියලා...ඒ නිසා මම මේක දාන්න තීරනය කරා..............

                                      මෙහෙමයි කාරනේ.........මම පාවිච්චි කරන්නේ Canon ip2772 වර්ගයේ කලර් ප්‍රින්ටරයක්.............මොකද කියනවනම් මට ලේසර් ප්‍රින්ටර් ගන්න තරම් වත්කමක් නැ.......ඒ නිසා ඉතිං වෙළඳපළේ මිල අඩුවටම තිබුනෙ මේ ප්‍රින්ටරය නිසා මිලදී ගත්තා...........


ඔය උඩින් තියෙන්නේ අදාල භාණ්ඩේ තමයි....පහසුයි ලේසියි හුරුබුහුටියි....................මම ගත්තේ රුපියල් 4700/= කට.....දැන් ඊටත් වඩා අඩු ඇති.........පොඩි පරහකට තියෙන්නේ කාට්‍රිජ් දෙකම අළුතෙන් දාන්න නම් ප්‍රින්ටරේ ගන්න යන ගානම වගේ යනවා................මට ගොඩක්ම ඔනේ කරන්නේ කලර් ප්‍රින්ට් ගන්න නෙවෙයි.........මම වැඩිපුරම කළු සුදු පිටපත් තමයි ගන්නේ.........ඒ නිසා බ්ලැක් කාට්‍රිජ් එක ඉක්මනින් ඉවර වුනා........රීෆිල් කරන්න ඇහුවාම රුපියල් 300ක් ඕනෙ කිවුවා.....මොක මඟුලක්ද යකෝ....එපා වෙනවනේ.........රුපියල් 300ක් දීලා රිෆිල් කරලා කොපි 200ක් විතර ගහනකොට කාට්‍රිජ් එක ඉවරයි......හැබැයි ඉතිං ලාභෙ රුපියල් 350 ක් විතර තියෙනවා..........ලොකුම හේතුව ඒක නෙවෙයි......දවස් 10කට සැරයක් විතර මගේ ප්‍රින්ටරේ බ්ලැක් කාට්‍රිජ් එක ඉවර වෙනවා......ඒක රීෆිල් කරන්න කිලෝමීටර් 12ක් විතර පුට් සයිකලේ පදිනවා........මොන මඟුලක්ද කියලා ගත්තා රුපියල් 1500ක්ම දීලා රීෆිල් කිට් එකක්................මෙකෙන් ඉතිං මාස තුනක් විතර වැඩේ රවුම් කර ගත්තා..........වාසනාව කියන්නේ කොච්චර රීෆිල් කලත් තාම කාට්‍රිජ් එක එළකිරි වගේ වැඩ.........පස්සේ මට හිතුනා පොඩි පරීක්ෂණයක් කරන්න.........ප්‍රින්ටරේ අරන් මාස 6 ක් විතර පිටින් රීෆිල් කළා..........තව මාස 6 ක් විතර රීෆිල් කිටි අරගෙන ගෙදරින්ම රීෆිල් කළා............පස්සේ ඉරිදා දවසක කාට්‍රිජ් එක ඉවර වුනා.....මඟුලයි....රීෆිල් කිට් එකත් ඉවරයි......ඉරිදා නිසා කඩත් වහලා.....හදිස්සි ප්‍රින්ට් අවුට් 200 ක් විතර තියෙනවා සඳුද වෙනකොට ඉවර කරන්න.......මල කරුමයක් තමයි වෙන්න යන්නේ කියලා කල්පනා කර කර ඉන්නකොට අහම්බෙන් වගේ දැක්කා තාත්තගේ පරණ සියල් පෑන පුරවන තීන්ත කූඩුව......සියල් කියන්නේ පෑනේ බ්‍රෑන්ඩ් එක හොඳෙ...........පොඩි පරීක්ෂාවක් දාලා බැලුවා.....තීන්ත වර්ග දෙකේම ඝණත්ව එක සමානව වගේ තියෙනවා.....ඕන දෙයක් වෙච්චාවේ කියලා වෙනද රීෆිල් කරන විධියටම හීරෝ පෑන් තීන්ත වලින් රීෆිල් කරලා බැලුවා.............කිරි අප්පට බල්ලෝ පැනපි කිවුවලු...............මෙන්න වෙනදා වගේම කස කස ගාලා වදිනවා ප්‍රින්ට් අවුට්.............ගුණාත්මක බවෙත් කිසි අඩුවක් නෑ.....

                                                                 

ඔය උඩින්  තියෙන්නේ දැන් ටිකකට කලින් ගත්ත ප්‍රින්ට් එකක්.......පින්තූරේ උඩ ක්ල්ක් කරලා ලොකු කරලම බලන්නකෝ...............දැන් සමහර උදවිය කියයි මේ ක්‍රමේ ප්‍රින්ටරේට හොඳනෑ.....කාට්‍රිජ් එකට හොඳනෑ කියලා........ඒත් ඉතිං මට කියන්න තියෙන්නේ දැන් මාස හය හතක් තිස්සේ මම ප්‍රින්ට් ගන්නෙ මේ ක්‍රමයට කියන එක විතරයි...............මගේ යාළුවෝ කීපදෙනෙක්ගේ ප්‍රින්ටර් වලටත් මේක කරලා බැළුවා.......එළ කිරි වගේ වැඩ..............හැබැයි ඉතිං Standard quality එකෙන් නම් ප්‍රින්ට් ගන්න කොට පොඩි පොඩි අවුල් එනවා........කොහොමත් කාට්‍රිජ් එකක් දෙපාරක් විතර රීෆිල් කලාම Standard quality එකෙන් ප්‍රින්ට් ගන්න බෑ....High  quality දාන්නම වෙනවා.............වගකිමෙන් කියනවා හීරෝ තීන්ත වලින් හරි ආකාරයට රීෆිල් කලොත් ඔරිජිනල් තීන්ත වලින් ගන්න ප්‍රින්ට් එකක් වගේම ගුණාත්මක භාවයෙන් යුතු ප්‍රින්ට් එකක් ගන්න පුළුවන් කියලා...............හීරෝ තීන්ත බෝතලයක් කඩේ රුපියල් 55 ක් වගේ ගානකට ගන්න පුළුවන්.........මේ එක බෝතලයකින් දහ පාරක් විතර රීෆිල් කරන්න පුළුවන්............shop එකක් කරන කෙනෙකුට නම් පට්ටම චාන්ස් එක............ලේසර් ප්‍රින්ටරයකට වඩා ලාභයි...............






තව දෙයක් තියෙනවා......මේ වැඩේ Canon ip series ප්‍රින්ටර් වලට විතරයි තාම කරලා බැලුවේ....ඒවලට නම් ප්‍රශ්නයක් නෑ.......වෙන ප්‍රින්ටර් වලට නොකර ඉන්නවනම් තමයි හොඳ.......
    
                                                              එහෙනම් ගිහින් එන්නම්...........
                                                                      බුදුසරණයි!!!!!!





*****උපසිරැසි සමඟ ඩී.වී.ඩී ප්ලේයරයෙන් බලන්න ෆිල්ම් කන්වේට් කරගන්න*****

                                                 
                                                   හොඳයි යාළුවනේ.....මම අද දෙන්න හදන්නේ සුපිරිම භාණ්ඩයක්.....අන්ලිමිටඩ් කළකිරුනත් ඉතිං අපේ අයියලා කොහෙන් හරි ෆිල්ම් බාගන්නවනේ........එහෙම බාගෙන බලනකොට සබ් එහෙම දාගෙන ලස්සනට බලන්න කවුරුත් කැමති ඇතිනේ........කොම්පීතරෙන්නම් ඕවා ලස්සනට බලන්ල පුළුවං....ඒත් සමහර වෙලාවට කොම්පීතරේ ඉස්සරහ ඉඳගෙන ෆිල්ම් බලනවා කියන්නේ අමු වහක්.......මට එහෙම වෙච්ච අවස්ථා එමටයි.........සමහර විට ඔයාලටත් එහෙම ඇති කියලා හිතනවා......මේ පෝස්ට් එක එහෙම අයට තමයි දෙන්න හදන්නේ......

                එහෙනම් නමෝ විත්තියෙන් වැඩේට බහිමු නේද....මේ වැඩේ එළකිරි වගේ සුපිරියටම කරගන්න නම් අපට සොෆ්ට්වෙයා දෙකක සහය පතන්න වෙනවා......පළවෙනි එක තමයි
SUBTITTLE EDIT කියන සොෆ්ට් එක.....මේකෙන් අපි කරන්නේ සබ් ෆයිල් එක අපට අවශ්‍ය විධියට හදාගන්න එක......එහෙනම් පහළින් බාගන්නකෝ ඉක්මනට.............බයවෙන්න දෙයක් නෑ 4.36 MB විතර පොඩි එකක්.......බාගෙන ඉන්ස්ටෝග් කරන්න දේකුත් නෑ Portable එකක් තමයි තියෙන්නේ......බාගත්තා ඊට පස්සේ  සිප් එක ඇරගෙන වැඩ ගන්න තමයි තියෙන්නේ.......fu#&:'හී.....සිප් එක කිවුවේ ෆයිල් එක තියෙන Rar එකේ හොඳ්....මෙන්න ලින්ක් එක....
                                                       SE protable
         
                                                          දැන් හරි.....සොෆ්ට් එක ඕපන් කරගෙන ඔයා ලඟ තියෙන Srt හෝ Ssa සබ් ෆයිල් එක ඇදලා සොෆ්ට් එකට දාගන්න.....එතකොට පහළ ඉමේජ් එකේ තියෙන විධියට ඕපන් වෙයි......


හරි....දැන් කරන්න තියෙන්නෙ මේක අපට ඕන විධියට හදාගන්න එකයි......හැබැයි ඉතිං ඕන විධියට හදනවා කියලා සබ් එක හදපු මනුස්සයගේ නමත් එක්කම මකල දාලා ඔයාගේ නම ගහගන්න එහෙම එපා.....කතෘ අයිතිය එහෙමම තියෙන්න ඇරලා අපි අපේ වැඩේ පාඩුවේ කරගමු......දැන් තියෙන වින්ඩෝ එකේ උඩම තියෙන බාර් එකේ Option කියල ටැබ් එකක් තියෙනව පේනවා ඇති......Option click කරලා Settings කියන වින්ඩෝ එක ඕපන් කරගන්න......එතකොට පහල විධියට දිස්වෙයි.....


මේ ආපු වින්ඩෝ එකේ Ssa style කියල ටැබ් එකක් ඇති.....ඒක Click කරන්න.........


මෙතන තියෙනවා Font size කියල ටැබ් එකක්.....ඒක Click කලාම එන වින්ඩෝ එකේ පහල පරිදි වෙනස් කම් කරගන්න....


දැන් ඉතිං අපට ඕන විධියට හදාගෙන ඉවරයි...........ඊළඟට කරන්න තියෙන්නේ මේ වින්ඩෝ එක Ok කරලා අපේ ෆයිල් එක Sub Station Alpha කියන ෆෝමැට් එකෙන් සේව් කරගන්න එකයි....

Filele කියන ටැබ් එකට ගියා save as තේරුවා ඊළඟට එන වින්ඩෝ එකේ Save as type කියන තැනට Sub Station Alpha තේරුවා සේව් කරගත්තා.......



ඊළඟට ඔයා බාගත්ත ෆිල්ම් එක තියෙන ෆෝල්ඩර් එකේ තියෙන අනිත් සබ් ෆයිල් ඔක්කෝම ඩිලීට් කරලා අපි මේ හදපු සබ් ෆයිල් එක විතරක් තියාගන්න.......සබ් ෆයිල් එකත් ෆිල්ම් එක තියෙන නමින්ම රී නේම් කරගන්න.....එතකොට පහළ විධියට තියෙන් ඕන...


දැන් වැඩේ 75% ඉවරයි.....ඊළඟට අපේ සුපිරි භාණ්ඩේ බාගන්නයි තියෙන්නේ...........මේ සොෆ්ට් එක Sothink video converter.........මම අත් දැකපු විධියට නම් මේ සොෆ්ට් එකෙන් තරම් වෙන කිසිම සොෆ්ට් එකකින් මේ තරම් ගුණාත්මක ප්‍රතිඵළ ලැබිලා නෑ......සිංහල යුනිකෝඩ් නියම ආකාරයෙන්ම කන්වර්ට් වෙනවා.........වීඩියෝ වල ගුණාත්මක භාවයත් එහෙමයි.....තිරය පුරා පේන විධියට Stretch කරලා කන්වර්ට් කරගන්නත් පුළුවන්.......මෙතනින් බාගන්න......



දැන් වැඩේ හරි.....සොෆ්ට් එක ඕපන් කරලා ෆිල්ම් එක ඇදලා දාගන්න....එතකොට ඉහල විධියට පෙන්නාවී...පහත විධියට Encoding Prifile එක හදලා Convert ​බට්න් එක Click කරලා ටිකක් වෙලා බලාගෙන ඉන්නයි තියෙන්නේ........බලාගෙන ඉන්න ඕන වෙලාවත් මෙකේ පෙන්වනවා.........



අන්තිමට ඉතිං එළකිරි වගේ පෙන් එකට කොපි කරලා ඩී.වී.ඩී ප්ලේයර් එකට හරි ටී.වී එකට හරි පෙන් එක ගහලා වාඩිවෙලා බලන්නයි තියෙන්නේ.........ඕනම නම් ඉතිං නිදාගෙන උනත් බලන්න පුළුවං......බ්ලොග් එක අළුත් නිසා බලන පිරිස අඩුවෙයි........කවුරු හරි අහම්බෙන් වගේ පෝස්ට් එක දැකලා පොඩි හරි ප්‍රයෝජනයක් ගත්තනම් පොඩිවටම Comment එකකුත් දාගෙනම යන්න.......එතකොට හිතට පොඩි හයියකුත් එනවනේ.......
                             
                                                   එහෙනම් ගිහින් එන්නම්..........
                                                            බුදුසරණයි!!!!

      තව ටිකෙන් අමතන වෙනවා..............වීඩියෝ කන්වර්ටර් එකේ ක්‍රැක් එක දෙන්න අමතක උනානේ.....
මෙන්න එහෙනම් බාගන්න.......සොෆ්ට් එක ඉන්ස්ටෝල් කරපු තැනට ක්‍රැක් එක කොපි කරාම වැඩේ හරි.....

                                                      Sothink video converter Crack

පින්තූර නොපෙනේ නම් ඒ මත Click කරන්න....

                                                                    




*****නිවත්තකචේතිය විදු මෑණි සැරඳේ*****









facebook page Niwathtakachethiya M.V,Anuradhaura

 

videos

Videos

Pictures

Pictures

Music

Music