Ads 468x60px

Wednesday, February 26, 2014

*****උපසිරැසි සමඟ ඩී.වී.ඩී ප්ලේයරයෙන් බලන්න ෆිල්ම් කන්වේට් කරගන්න*****

                                                 
                                                   හොඳයි යාළුවනේ.....මම අද දෙන්න හදන්නේ සුපිරිම භාණ්ඩයක්.....අන්ලිමිටඩ් කළකිරුනත් ඉතිං අපේ අයියලා කොහෙන් හරි ෆිල්ම් බාගන්නවනේ........එහෙම බාගෙන බලනකොට සබ් එහෙම දාගෙන ලස්සනට බලන්න කවුරුත් කැමති ඇතිනේ........කොම්පීතරෙන්නම් ඕවා ලස්සනට බලන්ල පුළුවං....ඒත් සමහර වෙලාවට කොම්පීතරේ ඉස්සරහ ඉඳගෙන ෆිල්ම් බලනවා කියන්නේ අමු වහක්.......මට එහෙම වෙච්ච අවස්ථා එමටයි.........සමහර විට ඔයාලටත් එහෙම ඇති කියලා හිතනවා......මේ පෝස්ට් එක එහෙම අයට තමයි දෙන්න හදන්නේ......

                එහෙනම් නමෝ විත්තියෙන් වැඩේට බහිමු නේද....මේ වැඩේ එළකිරි වගේ සුපිරියටම කරගන්න නම් අපට සොෆ්ට්වෙයා දෙකක සහය පතන්න වෙනවා......පළවෙනි එක තමයි
SUBTITTLE EDIT කියන සොෆ්ට් එක.....මේකෙන් අපි කරන්නේ සබ් ෆයිල් එක අපට අවශ්‍ය විධියට හදාගන්න එක......එහෙනම් පහළින් බාගන්නකෝ ඉක්මනට.............බයවෙන්න දෙයක් නෑ 4.36 MB විතර පොඩි එකක්.......බාගෙන ඉන්ස්ටෝග් කරන්න දේකුත් නෑ Portable එකක් තමයි තියෙන්නේ......බාගත්තා ඊට පස්සේ  සිප් එක ඇරගෙන වැඩ ගන්න තමයි තියෙන්නේ.......fu#&:'හී.....සිප් එක කිවුවේ ෆයිල් එක තියෙන Rar එකේ හොඳ්....මෙන්න ලින්ක් එක....
                                                       SE protable
         
                                                          දැන් හරි.....සොෆ්ට් එක ඕපන් කරගෙන ඔයා ලඟ තියෙන Srt හෝ Ssa සබ් ෆයිල් එක ඇදලා සොෆ්ට් එකට දාගන්න.....එතකොට පහළ ඉමේජ් එකේ තියෙන විධියට ඕපන් වෙයි......


හරි....දැන් කරන්න තියෙන්නෙ මේක අපට ඕන විධියට හදාගන්න එකයි......හැබැයි ඉතිං ඕන විධියට හදනවා කියලා සබ් එක හදපු මනුස්සයගේ නමත් එක්කම මකල දාලා ඔයාගේ නම ගහගන්න එහෙම එපා.....කතෘ අයිතිය එහෙමම තියෙන්න ඇරලා අපි අපේ වැඩේ පාඩුවේ කරගමු......දැන් තියෙන වින්ඩෝ එකේ උඩම තියෙන බාර් එකේ Option කියල ටැබ් එකක් තියෙනව පේනවා ඇති......Option click කරලා Settings කියන වින්ඩෝ එක ඕපන් කරගන්න......එතකොට පහල විධියට දිස්වෙයි.....


මේ ආපු වින්ඩෝ එකේ Ssa style කියල ටැබ් එකක් ඇති.....ඒක Click කරන්න.........


මෙතන තියෙනවා Font size කියල ටැබ් එකක්.....ඒක Click කලාම එන වින්ඩෝ එකේ පහල පරිදි වෙනස් කම් කරගන්න....


දැන් ඉතිං අපට ඕන විධියට හදාගෙන ඉවරයි...........ඊළඟට කරන්න තියෙන්නේ මේ වින්ඩෝ එක Ok කරලා අපේ ෆයිල් එක Sub Station Alpha කියන ෆෝමැට් එකෙන් සේව් කරගන්න එකයි....

Filele කියන ටැබ් එකට ගියා save as තේරුවා ඊළඟට එන වින්ඩෝ එකේ Save as type කියන තැනට Sub Station Alpha තේරුවා සේව් කරගත්තා.......



ඊළඟට ඔයා බාගත්ත ෆිල්ම් එක තියෙන ෆෝල්ඩර් එකේ තියෙන අනිත් සබ් ෆයිල් ඔක්කෝම ඩිලීට් කරලා අපි මේ හදපු සබ් ෆයිල් එක විතරක් තියාගන්න.......සබ් ෆයිල් එකත් ෆිල්ම් එක තියෙන නමින්ම රී නේම් කරගන්න.....එතකොට පහළ විධියට තියෙන් ඕන...


දැන් වැඩේ 75% ඉවරයි.....ඊළඟට අපේ සුපිරි භාණ්ඩේ බාගන්නයි තියෙන්නේ...........මේ සොෆ්ට් එක Sothink video converter.........මම අත් දැකපු විධියට නම් මේ සොෆ්ට් එකෙන් තරම් වෙන කිසිම සොෆ්ට් එකකින් මේ තරම් ගුණාත්මක ප්‍රතිඵළ ලැබිලා නෑ......සිංහල යුනිකෝඩ් නියම ආකාරයෙන්ම කන්වර්ට් වෙනවා.........වීඩියෝ වල ගුණාත්මක භාවයත් එහෙමයි.....තිරය පුරා පේන විධියට Stretch කරලා කන්වර්ට් කරගන්නත් පුළුවන්.......මෙතනින් බාගන්න......



දැන් වැඩේ හරි.....සොෆ්ට් එක ඕපන් කරලා ෆිල්ම් එක ඇදලා දාගන්න....එතකොට ඉහල විධියට පෙන්නාවී...පහත විධියට Encoding Prifile එක හදලා Convert ​බට්න් එක Click කරලා ටිකක් වෙලා බලාගෙන ඉන්නයි තියෙන්නේ........බලාගෙන ඉන්න ඕන වෙලාවත් මෙකේ පෙන්වනවා.........



අන්තිමට ඉතිං එළකිරි වගේ පෙන් එකට කොපි කරලා ඩී.වී.ඩී ප්ලේයර් එකට හරි ටී.වී එකට හරි පෙන් එක ගහලා වාඩිවෙලා බලන්නයි තියෙන්නේ.........ඕනම නම් ඉතිං නිදාගෙන උනත් බලන්න පුළුවං......බ්ලොග් එක අළුත් නිසා බලන පිරිස අඩුවෙයි........කවුරු හරි අහම්බෙන් වගේ පෝස්ට් එක දැකලා පොඩි හරි ප්‍රයෝජනයක් ගත්තනම් පොඩිවටම Comment එකකුත් දාගෙනම යන්න.......එතකොට හිතට පොඩි හයියකුත් එනවනේ.......
                             
                                                   එහෙනම් ගිහින් එන්නම්..........
                                                            බුදුසරණයි!!!!

      තව ටිකෙන් අමතන වෙනවා..............වීඩියෝ කන්වර්ටර් එකේ ක්‍රැක් එක දෙන්න අමතක උනානේ.....
මෙන්න එහෙනම් බාගන්න.......සොෆ්ට් එක ඉන්ස්ටෝල් කරපු තැනට ක්‍රැක් එක කොපි කරාම වැඩේ හරි.....

                                                      Sothink video converter Crack

පින්තූර නොපෙනේ නම් ඒ මත Click කරන්න....

                                                                    




No comments:

Post a Comment

 

videos

Videos

Pictures

Pictures

Music

Music